Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලක්ෂ්මන්ට ලෝකඩ පදක්කමක්

ලක්ෂ්මන්ට ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ හංජෝ නගරයේදී පැවැති 9 වැනි වුෂූ සන්ධා (ද්වන්ධ සටන්) ලෝක කුසලාන තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ ලෝකඩ පදක්ම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ලක්ෂ්මන්ගුණසේකර සමත් විය.

සන්ධා ලෝක කුසලාන තරගාවලිය, දෙවසරකට වරක් පැවැත්වෙන ලෝක ශූරතා වුෂූ තරගාවලියේ සෑම බර පංතියකම පළමු ස්ථාන 3 දිනාගන්නා ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන ආරාධිත තරගාවලියකි. ලක්ෂ්මන් ඊට සුදුසුකම් ලැබුවේ ඉකුත් වසරේ රුසියාවේ කසාන් නුවර පැවැති 14 වැනි ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගනිමිනි.

මින් පෙර මැලේසියාවේදි පැවැති 12 වැනි ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් ලක්ෂ්මන් 2014 වසරේ චීනයේ පැවැති 7 වැනි සන්ධා ලෝක කුසලාන තරගාවලියේදීද ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

ඒ අනුව වුෂූ ලෝක ශූරතාවලි දෙකකදී සහ සන්දා ලෝක කුසලාන තරගාවලි දෙකකදී ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටද යුද හමුදාවේ සේවය කරන ලක්ෂ්මන් පත්විය. එම සියලුම තරගාවලින්හිදී ඔහුගේ පුහුණුකරුවා ලෙස කටයුතු කළේ ජාතික සන්තා පුහුණුකරු කපිල සභාපති මහතාය.

 

- 036


අදහස් (0)

ලක්ෂ්මන්ට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.