උස්බකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්රී ලංකා ක්රීඩක චතුරංග ලක්මාල් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්විය. කිලෝග්රෑම් 56 බර පංතියෙන් තරග කරන චතුරංග, ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ස්නැච් ක්රමයට කිලෝග්රෑම් 113 ක බරක් ඔසවමින් තමන් සතුව තිබු ශ්රී ලංකා වාර්තාව අලූත් කළේය. චතුරංග පිහිටුවා තිබු ස්නැච් ක්රමයේ පෙර වාර්තාව කිලෝග්රෑම් 111 කි.
චතුරංග විසින් ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්රමයට ඔසවන ලද කිලෝග්රෑම් 127 ක බරත් සමගින් ඔහු එස වු මුළු බර ප්රමාණය කිලෝග්රෑම් 240 ක් වේ.
නව ශී්ර ලංකා වාර්තාවක් පිහිටුවන ලද නමුත් චතුරංග ආසියානු ක්රීඩකයන් අතරේ 12 වැනි ස්ථානය ලැබු අතර මෙම බර පංතියට සහභාගි සෙසු ශ්රී ලංකා ක්රීඩක කමල් එගොඩවත්තට හිමි වුයේ 15 වැනි ස්ථානයයි.
චීනය මෙම බර පංතියේ රන් සහ ලෝකඩ පදක්කම් දෙක දිනාගත් අතර තායිලන්තය රිදී පදක්කම හිමිකර ගත්තේය. චීනයේ චැන්ග් මින්ග් කිලෝග්රෑම් 285 ක බරක් ඔසවමින් රන් පදක්කම දිනා ගත්තේය.
කිලෝග්රෑම් 62 බර පංතියේදී ශ්රී ලංකාවේ තිලංක පලගසිංහ නව වැනි ස්ථානය ලැබීය.
මේ මස 30 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී සුදේෂ් පීරිස් (කි.ග්රෑ. 69), ඉන්දික දිසානායක (කි.ග්රෑ.69), චින්තන විදානගේ (කි.ග්රෑ. 77), තුසිත අබේකෝන් (කි.ග්රෑ. 94) සහ ෂානක පීටර්ස් (කි.ග්රෑ. 105) ඉදිරියේදී තරග කිරීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.