Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලක්නව් කණ්ඩායමේ නම එළි දක්වයි

ලක්නව් කණ්ඩායමේ නම එළි දක්වයි

editorial - 2022 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට මෙවර අලුතින් එක්වූ ලක්නව් නගරය මූලික කරගත් කණ්ඩායම ක්‍රීඩා ලෝලීන්ගේ කැමැත්ත අනුව ලක්නව් සුපර් ජයන්ට් ලෙස නම් කිරීමට කණ්ඩායම් හිමිකාරීත්වය තීරණය කර ඇත. ආර්.පි.එස්.ජී. සමාගම විසින් රසිකයන්ගේ මහජන අදහස් ලබා ගැනීමට තීරණය කළ අතර එහි හිමිකරු සංජීව් ගොයින්කා මහතා විසින් වීඩියෝ පණිවිඩයක් මගින් කණ්ඩායම් නාමය පසුගියදා ප්‍රසිද්ධ කරන ලදී.

”නාම් බනාං නාම් කමාං තරඟය සඳහා ඔබගේ අතිමහත් ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රතිචාර දැක්වූවා. ඒ මත පදනම්ව ලක්නව් කණ්ඩායමට නම තෝරා ගැනීමට හැකිවීම ගැන අපි ඉතා සතුටු වෙනවා, ”කණ්ඩායමේ නම හෙළි කරමින් ගොයින්කා මහතා සිය පණිවිඩයේ සඳහන් කළේය.

“ඔබේ නිර්දේශ මත පදනම්ව අපි තෝරාගෙන ඇති නම ලක්නව් සුපර් ජයන්ට්. ඔබගේ ප්‍රතිචාරයට සහ ආදරයට බොහෝම ස්තූතියි. අනාගතයේදීත් ඔබගේ ආශිර්වාදය අපට ලබා දෙන්න.

සංජීව් ගොයින්කා මහතාට අයත් ආර්.පි.එස්.ජී. සමාගම විසින් පසුගිය වසරේදී ඉන්දිය රුපියල් කෝටි 7090 කට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගන්නා ලදී. තරඟාවලියට එක්වන අනෙක් නව කණ්ඩායම අහමදාබාද් නගරය මූලික කරගත් කණ්ඩායමක් වන අතර ඉන්දිය රුපියල් කෝටි 5635 කට ඉරේලියා පුද්ගලික සමාගම විසින් මිලදී ගනු ලැබීය.

පසුගිය 21 වනදා ආර්.පි.එස්.ජී. සමාගම සමගින් ඉන්දිය ක්‍රීඩක ලෝකේෂ් රාහුල් ඉන්දීය රුපියල් කෝටි 17 කට ද, ඕස්ටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් ඉන්දිය රුපියල් කෝටි 9.2 කට සහ තවමත් ජාත්‍යන්තර වරම් හිමිකර නොගෙන ඇති පා දඟ පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝයි ඉන්දීය රුපියල් කෝටි 4 කට ද ගිවිසුම් අත්සන් කරන ලදී.

හර්දික් පාණ්ඩ්‍යා සහ ඇෆ්ගනිස්ථානයේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉන්දිය රුපියල් කෝටි 15 බැගින් ද පිතිකරු ශුබ්මන් ගිල් රුපියල් කෝටි 7 බැගින් ද අහමදාබාද් කණ්ඩායම සමගින් ගිවිසුම් ගතවූ බව ක්‍රිකට් අධ්‍යක්ෂ වික්‍රම් සොලන්කි මහතා ස්ටාර් ස්පෝර්ට්ස් වෙත පවසා ඇත.

ලබන මස 12 සහ 13 යන දිනවල බැංගලෝරයේ පැවැත්වීමට නියමිත විශාල වෙන්දේසියේදී ඔවුන්ගේ ඉතිරි සංචිතය තෝරා ගනු ඇත.

මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය මාර්තු අවසන් සතියේ සිට මැයි මස අවසානය දක්වා පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් සකස් කරමින් සිටින අතර කණ්ඩායම් හිමිකරුවන්ගේ අභිමතය පරිදි තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්විමට උත්සහ කරන බව ලේකම් ජේ ෂා මහතා පැවසීය.

“15 වැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් තරගාවලිය මාර්තු අවසන් සතියේ ආරම්භ වී මැයි මස අවසානය දක්වා පැවැත්වෙන බව තහවුරු කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. කණ්ඩායමේ හිමිකරුවන්ගෙන් බහුතරයක් තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වීමට කැමැත්ත පළ කළා” යැයි ෂා මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

- 2079

 


අදහස් (0)

ලක්නව් කණ්ඩායමේ නම එළි දක්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.