ප‍්‍රවීණයන්ගේ පැසිපන්දු සංගමය සංවිධානය කළ අන්තර් සමාජ ප‍්‍රවීණයන්ගේ පැසිපන්දු තරගාවලියේ අවුරුදු 45 න් ඉහළ පිරිමි ශූරතාව දිනාගැනීමට ලංකා ලෙජන්ඞ්ස් පැසිපන්දු කී‍්‍රඩා සමාජය සමත්විය.
ආදි බෙන්ස් කී‍්‍රඩා සමාජයට එරෙහිව පැවැති අවසන් මහා තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 20 -16 ක් ලෙස ඉදිරියෙන් සිටි ලංකා ලෙජන්ඞ්ස් පිල, ලකුණු 41-25 ක් ලෙස තරගය නිමා කරමින් ශූරතාවට හිමිකම් කීවේය.
සැම්සන් ද මෙල්, පියල් ද සිල්වා සහ කුමාර් ප‍්‍රනාන්දු ලකුණු 13 බැගින් රැස්කරමින් ලංකා ලෙජන්ඞ්ස් පිල ජයයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
වයස 35 න් ඉහළ පිරිමි අවසන් මහ තරගයේදී මොරටුව කී‍්‍රඩා සමාජයට එරෙහිව තියුණු ජයක් වාර්තා කළ නෙට්ස් කී‍්‍රඩා සමාජය ශූරතාව දිනාගත්තේය. තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 27-23 ක් ලෙස මොරටුව කී‍්‍රඩා සමාජය පෙරමුණේ පසුවුවද, තරගය නිමා වන විට ලකුණු 47-45 ලෙස ඉදිරියට පැමිණීමට නෙට්ස් කී‍්‍රඩා සමාජය සමත්විය.
නෙට්ස් කී‍්‍රඩා සමාජය වෙනුවෙන් ඩූක් රාජපක්ෂ, අසේල පෙරේරා සහ චාමර රත්නායක ලකුණු 15 බැගින් රැස්කළ අතර මොරටුව කී‍්‍රඩා සමාජය වෙනුවෙන් තිමින්ද ප‍්‍රනාන්දු, ගයාන් මීදෙණිය සහ අරුණ් වික‍්‍රමගේ ලකුණු 13 බැගින් රැස්කළහ.
වයස 35 න් ඉහළ කාන්තා ශූරතාව දිනාගැනීමට ඒන්ජල්ස් කී‍්‍රඩා සමාජයේ ‘ඒ’ පිල සමත්වූ අතර අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු පිලට එරෙහිව ලකුණු 40-16 ක් ලෙස පහසු ජයක් ලබමින් ඔවුහු ශූරතාව හිමිකර ගත්හ.
ශෙවෝන් පෙරේරා, චම්පා කුමාරතුංග සහ මනෝරි හෙට්ටිආරච්චි ලකුණු 13 බැගින් රැස්කරමින් ඒන්ජල්ස් පිලේ ජයයග‍්‍රහණය පහසු කළහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.