සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වන රොෂාන් අබේසිංහ මහතාගේ මෑණියන් වන ප්‍රිෂිලා ලෙනිටා අබේසිංහ මහත්මිය ස්වර්ගස්ථ වූවාය. නැසීගිය කෙනත් අබේසිංහ මහතාගේ බිරිඳ වූ අබේසිංහ මහත්මිය ගෲප් කපිතාන් ෂිරාන් අබේසිංහ මහතාගේද මෑණියෝ වෙති.
ලක්සල ආයතනයේ කළමණාකාරිණියක ලෙසින් සේවය කළ අබේසිංහ මහත්මිය කලක් ද ෆිනෑන්ස් ආයතනයේ ද සේවය කළාය. දිවිසරිය නිමාකරන විට ඇය 83 හැවිරිදි වියේ පසුවූවාය.
ඇයගේ දේහය රාගම තේවත්ත පාරේ, උදාර මාවතේ පිහිටි අංක 151/9 නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු සඳුදා පස්වරු 3.45 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.