Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රොෂාන් - ජයමාල් ගුරුකුල ජය ගෙනෙති

රොෂාන් - ජයමාල් ගුරුකුල ජය ගෙනෙති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජයමාල් වන්නිආරච්චිගේ සහ රොෂාන් අනුරාධගේ දස්කම් නිසා දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විදුහල සමග පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ඉනිමක සහ ලකුණු 4 ක පහසු ජයක් වාර්තා කිරීමට කැලණිය ගුරුකුල විදුහල අද (30 වැනිදා) සමත්විය.

පළමු ඉනිම ලකුණු 34 කට සීමාවීම නිසා ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 164 ක් ඉලක්කයක් හඹාගිය එස්. ද. එස්. ජයසිංහ විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන්ද සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160 ක් පමණි.

ජයමාල් වන්නිආරච්චි ලකුණු 60 කට කඩුලූ 9 ක් දවාගනිමින් එස්. ද. එස්. ජයසිංහ විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූ අතර රොෂාන් අනුරාධ ලකුණු 31 කට කඩුලූ 7 ක් දවාගනිමින් ඔහුට අනගි සහයක් ලබාදුන්නේය.

ගුරුකුල විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 198
(කසුන් මධුෂාන් 28, රොෂාන් අනුරාධ 44, තරිඳු තාරක 29, ජයමාල් වන්නිආරච්චි නොදැවී 33, විමුක්ති සංජීව 2/2, සජිත් සමීර 38/2, මහේෂ් පීරිස් 48/2, ඉෂාර කුරුවිට 55/2)

එස්. ද. එස්. ජයසිංහ පළමු ඉනිම සියලූ දෙනා දැවී 34
(ජයමාල් වන්නිආරච්චි 15/6, රොෂාන් අනුරාධ 13/4)

එස්. ද. එස්. ජයසිංහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 160
(සජිත් සමීර 30, දිනුක ලක්ෂිත 21, ඉෂාර කුරුවිට 22, රොෂාන් අනුරාධ 18/3, ජයමාල් වන්නිආරච්චි 45/3, ජනිත් ප‍්‍රමෝද් 26/2, තරිඳු තාරක 18/2)

036


අදහස් (0)

රොෂාන් - ජයමාල් ගුරුකුල ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.