Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර 6 වැනි වරටත් පැවැත්වෙන ‘රුහුණු මායා හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට (31 වැනිදා) සහ අනිද්දා (1 වැනිදා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඉතිහාසයේ ශ්‍රී ලංකාව බෙදා වෙන්කර තිබූ ප්‍රදේශ වලට අනුව ගත් කළ රාහුල විදුහල රුහුණු ප්‍රදේශයේද, ධර්මපාල විදුහල මායා ප්‍රදේශයේද පිහිටා තිබීම නිසා මෙම තරගයට ‘රුහුණු මහා හටන’ යන නාමය යොදා තිබේ.
දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග වලදී එක් තරගයක් හැරුණු කොට අන් සියලු තරග ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. 2015 වසරේදී පැවැති තරගය ජයග්‍රහණයකින් කෙළවර වූ එකම තරගය වන අතර එම ජයග්‍රහණයට හිමිකම් කීමට ධර්මපාල විදුහල සමත් විය.
අන්තර් පාසල් 19 පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග වදින ධර්මපාල විදුහල මේ තරග වාරයේදී තරග 16 කට සහභාගි වී පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් ලබා සිටින අතර එම තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරග වදින රාහුල විදුහල තරග 16 කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ 4 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 8 ක් ලබා සිටියි.
ධර්මපාල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන කනිෂ්ක ජයසුන්දර දකුණත් පිතිකරුවෙක් වන අතර මෙවර තරග 16 කදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 501 කි. කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන මහිම වීරකෝන්, මේ තරග වාරයේ තරග 16 කදී ලකුණු 464 ක් රැස්කරමින් කඩුලු කඩුලු 56 ක් බිඳහෙලීමට සමත්ව සිටියි.
දකුණත් පිතිකරුවෙකු වන අවිශ්ක හසරින්ද, මේ තරග වාරයේදී ධර්මපාල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ගණනක් රැස්කළ පිතිකරුවා බවට පත්ව සිටින්නේ තරග 16 කදී ලකුණු 510 ක් රැස්කරමිනි. කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 79 ඔහුගේ ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
වමත් දඟ පන්දු යවන්නෙක් ලෙස ධර්මපාල කණ්ඩායමට එක්ව සිටින චමිඳු සමරසිංහ මේ තරග වාරයේදී බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 49 ක් වන අතර, කෑගල්ල ශාන්ත මරියා විදුහලට එරෙහිව ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීමයි.
රාහුල කණ්ඩායමේ නායකත්වය දරන පසන් සමරතුංග තරග 14 කදී කඩුලු 71 ක් බිඳහෙලා ඇති අතර එහිදී ලකුණු සංඛ්‍යාව 143 ක්ද රැස්කරගෙන තිබේ. කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පිරුණ තිලක්කුමාර තරග 14 කදී ශතකයක් සමගින් ලකුණු 788 ක් රැස්කිරීමට සමත්ව සිටියි.
මේ තරග වාරයේදී ශතකයක් සමගින් ලකුණු 432 ක් රැස්කරගෙන සිටින විරාජ් චාලක රාහුල විදුහල් කණ්ඩායමේ පිතිහරඹ ලැයිස්තුව තවත් ශක්තිමත් කරන පිතිකරුවෙකි.
තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් ලෙස රාහුල විදුහල් කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙන නුවන් මධුසංඛ ලකුණු 498 ක් රැස්කරමින් කඩුලු 48 ක්ද, හසිඳු චානුක ලකුණු 247 ක් රැස්කරමින් කඩුලු 38 ක්ද, සසිත් මනුරංග ලකුණු 375 ක් රැස්කරමින් කඩුලු 23 ක්ද බිඳහෙළීමට සමත්ව සිටිති.
ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින හා විස්සයි20 ක්‍රීඩක සුරාජ් රන්දිව් රාහුල විදුහලේ ආදි සිසුවෙක් වන අතර විස්සයි20 කණ්ඩායම නියෝජනය කළ මේ වන විට ක්‍රීඩාවෙන් ඉවත්ව සිටින චින්තක ජයසිංහ ධර්මපාල විදුහලේ ආදි සිසුවෙකි.
දෙවිදුහල් අතර පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය ලබන ඉරිදා (2 වැනිදා) පැවැත්වීමට නියමිතය.
ධර්මපාල විදුහල් කණ්ඩායම |
රාහුල විදුහල් කණ්ඩායම |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.