Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රුක්ෂාන්ගෙන් ද්විත්ව ශතකයක්

රුක්ෂාන්ගෙන් ද්විත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලය සමග පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ රුක්ෂාන් ශෙහාන් (නොදැවී 200) ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත් විය. වෙන්නප්පුව ඇල්බට් පීරීස් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය.

මුලින්ම පන්දුවට පහරදුන් ජෝශප් වාස් විද්‍යාලය කඩුලූ 5 ක් දැවී ලකුණු 351 කට ඉනිම අත්හිටවු අතර පන්දු 243 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ද්විත්ව ශතකයක් ලබා ගැනීමට රුක්ෂාන් ශෙහාන් සමත්විය. එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලය පළමු ඉනිමට සියලූ දෙනා දැවී රැුස්කර ගත හැකිවුයේ ලකුණු 87 ක් පමණි. ශවිදු දිමන්ත ලකුණු 30 කට කඩුලූ 5 බැගින් දවා ගන්මින් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත්විය.

පිට පිට දෙවන වතාවටත් පන්දුවට පහරදීමට පිටියට පැමිණි එස්.ද.එස්. ජයසිංහ පිතිකරුවන් යළිත් අසාර්ථකවු  අතර දිනය නිමාවීම නිසා කඩුලූ 8 කට ලකුණු 138 ක් ලබා ගනිමින් පරාජයෙන් බේරීමට සමත්විය.

ජෝශප් වාස් විදුහල පළමු ඉනිම  ඕවර 77 කදී කඩුලූ 5 ක් දැවී 351
(රුක්ෂාන් ශෙහාන් නොදැවී 200, සදරු රණසිංහ 50, මහේෂ් පිරීස් 77/2)

එස්.ද.එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම  ඕවර 30.1 කදී සියලූ දෙනා දැවී 87
(ඉෂාර දර්ශණ 27, ඉරෝෂන් ලක්රුවන් 15, ශවිදු දිමන්ත 30/5, තුලාන්ජන ප‍්‍රනාන්දු 15/3, අර්ජුන සමරවීර 30/2)

එස්.ද.එස්. ජයසිංහ විදුහල දෙවන ඉනිම  ඕවර 59 කදී කඩුලූ 8 ක් දැවී 138
(තරිඳු පිරීස් නොදැවී 31, ඉෂාර කුරුවිට 25, ඩබ්ලිව්.එස්. සමීර 22, මතීෂ විබෝධ 17/3, මියුෂාන් ඔබ්‍රරස් 47/2)

 


අදහස් (0)

රුක්ෂාන්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.