Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිෂාබ් පාන්ට්ටත් කොරෝනා

රිෂාබ් පාන්ට්ටත් කොරෝනා

editorial - 2021 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයක් ධනාත්මකවී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි. පාන්ට් දින අටකට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් කළ නමුත් ඔහුට රෝග ලක්ෂණ මතුවී නොතිබුණි.

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පුහුණු තරගයක් සඳහා ඉන්දීය සංචිතය ඩර්හැම් වෙත යෑමට නියමිත නමුත් ඔවුන් සමග කඩුලු රකින්නා ගමන් නොකරනු ඇත. මැයි 13 වන දින සිය පළමු කෝවිඩ් ප්‍රතිදේහ එන්නත ලබා ගත් පාන්ට් පසුගියදා සිය මිතුරන් සමඟ ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැති යූරෝ පාපන්දු තරගාවලියේ එංගලන්තය හා ජර්මනිය අතර තරගය නැරඹීමට ගොස් ඇත.

සදම්ප්ටන්හිදී පැවති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සහභාගී වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට දින 20 ක විවේකයක් ලබාදී ඇත.

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට වයිරසය වැළඳී නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලා මහතා පැවසීය.

“ඔව්, එක් ක්‍රීඩකයෙකුට කොරෝනා වයිරසය වැළඳී තියෙනවා. නමුත් ඔහු පසුගිය දින අටක කාලය තුළ හුදෙකලා වී හිටියේ. ඔහු කණ්ඩායම සමඟ කිසිදු හෝටලයක නැවතී හිටියේ නෑ. ඒ නිසා වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ඔහුගෙන් බලපෑමක් සිදු වී නෑ” යැයි උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පුහුණු තරගය මේ මස 20 වනදා ඩර්හැම්හිදී ආරම්භවීමට නියමිතව ඇත.

එංගලන්ත සහ ඉන්දියා අතර ටෙස්ට් තරගාවලිය ලබන මස ආරම්භ වීමට නියමිතව ඇති අතර එය දෙවැනි ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත්වේ.


- 2079

 


අදහස් (0)

රිෂාබ් පාන්ට්ටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.