Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාහුල විදුහල ඉනිමකින් ජයගනි

රාහුල විදුහල ඉනිමකින් ජයගනි

ශනුක අරවින්ද - 2017 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර රාහුල විදුහල සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල අතර මාතරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 82 ක ජයක් අත්කර ගැනීමට රාහුල විදුහල සමත් විය.

රාහුල විදුහලේ තිලක් කුමාර ලකුණු 97 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් මදුෂංක ලකුණු 20 කට කඩුලූ 5 ක් දවාගත්තේය.

රාහුල විදුහල පළමු ඉනිම -  ඕවර 78 කදී කඩුලූ 8 ක් දැවී 301
(තිලක් කුමාර 97, ලකිඳු චමෝද්‍ය 55, යුරාජ් චාලක 46, මදුක නිරෝෂන් 103/4)

එස්. ද එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම -  ඕවර 41.2 කදී සියලූ දෙනා දැවී 117
(කුමාර පීරිස් 40, ටී. ඞී. රූපසිංහ 27, හසිඳු චානක 34/3, සජිත මදුමාල් 13/4)

එස්. ද එස්. ජයසිංහ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 28.3 කදී සියලූ දෙනා දැවී 102
(උෂාන් දිදුලංක 28, නුවන් මදුෂංක 20/5)

-036

 


අදහස් (0)

රාහුල විදුහල ඉනිමකින් ජයගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.