අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහලේ ඉසිවර දිසානායක (68), සදීශ රාජපක්ෂ (63), කවිඳු චතුරංග (66) සහ ප්‍රෂාන් කල්හාර (නොදැවී 50) අර්ධ ශතක ලබාගත්හ.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 112.5 කදී කඩුලු 7 ක් දැවී 335
(ඉසිවර දිසානායක 68, සදීශ රාජපක්ෂ 63, කවිඳු චතුරංග 66, ප්‍රෂාන් කල්හාර නොදැවී 50, ටිතිර වීරසිංහ 21, කවිඳු පතිරත්න 20, කෞෂාන් කුලසූරිය 33, කුෂාන් මදූෂ 61/3)
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 80.3 කදී සියලු දෙනා දැවී 165
(රෂ්මික මධුෂංක 53, කෞෂිත කොඩිතුවක්කු 20, කවිඳු ලක්ෂාන් 23, ගිෂාන් බාලසූරිය 42/3, සොනාල් අමරසේකර 25/2, ප්‍රශාන් කල්හාර 14/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.