කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති පාසල් කඩු හරඹ තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහලත්, බාලිකා ශූරතාව දිනාගැනීමට සපුගස්කන්ද විශාඛා විදුහලත් සමත් විය. ශ්‍රී ලංකාවේ පාසල් අතර කඩු හරඹ තරගාවලියක් පැවැති පළමු අවස්ථාව මෙයයි.
රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් දිනාගනිමින් රාජකීය විදුහල බාලක ශූරතාවට හිමිකම් කීවේය. විශාකා විදුහල බාලිකා ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමිනි.
රන් පදක්කම් 4 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් මහනුවර මහවත්ත විදුහලට බාලක අනු ශූරතාව හිමිවූ අතර රන් පදක්කම් 2 ක් දිනාගත් මොරටුව වේල්ස් කුමරි විදුහලට බාලිකා අනු ශූරතාව හිමිවිය.
බර අසිපත් (එපී) කාණ්ඩයේ වයස 17 න් පහළ බාලක රන් පදක්කම දිනාගත් පන්නල ජාතික පාසලේ අවිෂ්ක ඉසුරුමාල් තරගාවලියේ දක්ෂතම කඩු හරඹ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. එම කාණ්ඩයේම වයස 15 න් පහළ බාලිකා රන් පදක්කම දිනාගත් මොරටුව වේල්ස් කුමරි විදුහලේ චතුනි භාග්‍යා දක්ෂතම කඩු හරඹ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
මෙම තරගාවලියේදී අවරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ 3 සඳහා සැහැල්ලු අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සබී්‍ර) යන කාණ්ඩ 3 යටතේ පැවැති තරග පැවැත්විණ.
ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 21 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 94 ක් සහභාගී වූහ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ජාතික කඩු හරඹ සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූහ.
|
දක්ෂතම කඩු හරඹ ක්‍රීඩකයා - අවිෂ්ක ඉසුරුමාල් |
දක්ෂතම කඩු හරඹ ක්‍රීඩිකාව - චතුනි භාග්‍යා |
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.