Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයන්ට 49-7 ක දැවැන්ත ජයක්

රාජකීයයන්ට 49-7 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ රග්බි තරගාවලියේ අද (30 වැනිදා) පැවැති තරගයකදී කිංග්ස්වුඞ් විදුහල ලකුණු 49-7 ක් ලෙස පරාජය කරමින් දැවැන්ත ජයක් ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් රග්බි සංකීර්ණයේදී පැවැත්විණ.

තරගයේ පළමු අර්ධය නිමාවේදී උත්සාහක දිනුම් 2 කින්, ගෝල දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු 27 ක් ලබාගැනීමට රාජකීය පිල සමත්ව සිටියද කිංග්ස්වුඞ් පිලට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය.

දෙවැනි අර්ධයේදී කිංග්ස්වුඞ් පිල වෙනුවෙන් කේ. එස්. විමලවීර ලබාගත් උත්සාහක දිනුම, රෆායිඞීන් විසින් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කරන ලද නමුත් ඒ අතරවාරයේදී තවත් ලකුණු 22 ක් ලබාගත් රාජකීයයෝ ලකුණු 49-7 ක පහසු ජයක් ලබාගත්හ.

රාජකීය පිල වෙනුවෙන් සුපුන් වර්ණකුලසූරිය උත්සාහක දිනුම් 4 ක් ලබාගත් අතර උමේෂ් මධුෂාන් උත්සාහක දිනුම් දෙකක් ලබාගත්තේය.

ප‍්‍රවර්ථන දෙකක් සාර්ථක කරගත් රාජකීය පිලේ ෆුල් බෑක් කී‍්‍රඩක  ඕවින් අස්කි දඬුවම් පහරක්ද සාර්ථකව අවසන් කළේය.

 


අදහස් (0)

රාජකීයයන්ට 49-7 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.