කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වෙන 9 වැනි ‘ඊ. එෆ්. සී. පෙරෙයිරා’ අභියෝග කුසලාන වාර්ෂික ටෙනිස් තරගාවලිය මේ මස 2 වැනිදා උදෑසන 8.30 සිට ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලිය 13 න් පහළ, 15 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන අතර 19 න් පහළ වයස් කාණ්ඩයේ ජයග‍්‍රාහකයන්ට ‘ඊ.එෆ්.සී. පෙරෙයිරා’ අභියෝග කුසලාන හිමිවේ. සෑම වයස් කාණ්ඩයකදීම කේවල තරග 3 ක් සහ යුගල තරග 2 ක් බැගින් පැවැත්වේ.
ඊ.එෆ්.සී. පෙරෙයිරා මහතාගේ නමින් මෙම කුසලානය නම් කිරීමට හේතුවී තිබෙන්නේ හෙතෙම රාජකීය විදුහලේ වසර 20 ක කාලයක්ද, සාන්ත තෝමස් විදුහලේ වසර 18 කට වැඩි කාලයක්ද ගුරුවරයකු ලෙස කටයුතු කිරීම හා විදුහල් දෙකෙහිම ටෙනිස් කී‍්‍රඩාව භාර ආචාර්ය වරයා ලෙසද කටයුතු කර තිබීමයි.
ඉකුත් වසරේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සාන්ත තෝමස් විදුහල සමත්වූ අතර එය ඔවුන් ලද පළමු තරගාවලි ජයද වේ.
උදිස්ටරන් රවිරාජ්, කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර ධනුෂ්ක අබේවර්ධන සහ එරූ සමරසිංහ එහි ප‍්‍රධාන පෙළේ කී‍්‍රඩකයෝ වෙති. සිල්වෙස්ටර් ෆ‍්‍රැන්සිස් මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
වෙනුක හුලන්ගමුවට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇති අතර අවිශ්ක පෙරේරා සහ ජෙරික් රාජපක්ෂ එම කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින කී‍්‍රඩකයෝ වෙති. කණ්ඩායමේ පුහුණුකරු ලෙස අර්ජුන් ඇන්තනී මහතා කටයුතු කරයි.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය පස්වරු 12.30 ට ආරම්භවන අතර එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ඬේවිස් කුසලාන කළමනාකරු ඩිජෙන් ද සේරම් මහතා සහභාගීවීමට නියමිතය.
මෙවර තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස කටයුතු කරන්නේ ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බැංකුවයි.
කොළඹ රාජකීය විදුහල
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.