ජොන්සන් චාල්ස්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති දෙවැනි තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 36 ක් ජයක් වාර්තා කරමින් රාංපූර් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ජොන්සන් චාල්ස් පන්දු 63 කදී නොදැවී ලකුණු 105 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. බ්‍රෙන්ඩන් මැකලම් (78) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 151 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චාල්ස් සමත් වූ අතර පන්දු 46 කට මුහුණදුන් මැකලම් හයේ පහර 9 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය කොමිලා කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි. එහිදී රුබෙල් හුසේන් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගනිමින් කොමිලා පිතිකරුවන් පීඩනයට පත් කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායදුන් රවි බොපාරා සහ ඉසුරු උදාන කඩුලු 2 බැගින් දවාගත්හ.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 54 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ටමීම් ඉක්බාල් (36) සහ ලිටන් දාස් (39) සමත් වූවත්, කොමිලා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. පන්දු 19 කදී වාර්තා වූ ටමීම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 28 කදී වාර්තා වූ ලිටන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.
රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 192
(ජොන්සන් චාල්ස් නොදැවී 105, බ්‍රෙන්ඩන් මැකලම් 78)
කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 156
(ටමීම් ඉක්බාල් 36, ලිටන් දාස් 39, මාලන් සැමුවෙල්ස් 27, ජොස් බට්ලර් 26, රුබෙල් හුසේන් 34/3, රවී බොපාරා 17/2, ඉසුරු උදාන 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.