Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රවීන් - වසුන්දරා ස්කොෂ් ශූරතා දිනති

රවීන් - වසුන්දරා ස්කොෂ් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික කණිෂ්ඨ ස්කොෂ් තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා  ලෙස රවීන් නානයක්කාර  සම්මාන හිමිකරගත් අතර දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්තේ වසුන්දරා සුවාරිස් ය. 

වයස අවුරුදු 19 න් පහළ බාලක අංශයේ ජයග‍්‍රාහකයාට හිමිවන ‘නවීන් පියතිස්ස’ අභියෝග ශූරතාව යළිත් වරක් තමන් සතුකර ගැනීමට ඞී. එස්. සේනානායක විදුහලේ රවිඳු ලක්සිරි සමත්විය.

එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව වෙනුවෙන් පිරිනැමෙන ‘නිරාශා ගුරුගේ’ අභියෝග කුසලානය, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණි නැවත වරක් තමන් සතු කර ගත්තාය.        
තරගාවලියේ ජය සංකේත ප‍්‍රදානය සිලෝන් බිස්කට් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ අලෙවි සහ විකුණුම් අංශ ප‍්‍රධානී නන්දන වික‍්‍රමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය රිට්ස්බරි සමාගමේ අනුග‍්‍රහයෙන් ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.       

 

 

 

 

 

 

 

 

 

 

 

වමේ සිට - කොමදෝරු පාලිත වීරසිංහ (සභාපති - ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය), රවිඳු ලක්සිරි (වයස අව්රුදු 19 පහළ බාලක ශූරයා), මිහිලියා මෙත්සරණි (වයස අව්රුදු 19 පහළ බාලිකා ශූරිය), නන්දන වික‍්‍රමගේ (සිලෝන් බිස්කට්ස් හි සමූහ අධ්‍යක්‍ෂ අලෙවි සහ විකුණුම් අංශ ප‍්‍රධානී), නිලූපුල් ද සිල්වා (සී.බි.එල්. ෆුඞ්ස් ඉන්ටර්නැෂනල් හී අලෙවි කළමනාකාර)

 


 
 

 

 

 

 

 

 

 

කොමදෝරු පාලිත වීරසිංහ (සභාපති - ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය), නන්දන වික‍්‍රමගේ (සිලෝන් බිස්කට්ස් හි සමූහ අධ්‍යක්‍ෂ අළෙවි සහ විකුණුම් අංශ ප‍්‍රධානී), සහ නිලූපුල් ද සිල්වා (සී.බි.එල් ෆුඞ්ස් ඉන්ටර්නැෂනල් හී අලෙවි කළමනාකාර) යන මහත්වරු සියලූ වයස් කාණ්ඩයන්හී ජයග‍්‍රාහකයින් සමග

 

036


අදහස් (0)

රවීන් - වසුන්දරා ස්කොෂ් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.