Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රවිඳුගේ ගමන 16 න් නවතී
ආසියානු ක්‍රීඩා

රවිඳුගේ ගමන 16 න් නවතී

editorial - 2023 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ස්කොෂ් ඉසව්වේ අද (2 වැනිදා) පැවැති අවසන් 16 දෙනාගේ වටයේ තරගයකදී මැලේසියාවේ බින් බතියාර් හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරිට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනිමට නොහැකි විය.  

අතිශය තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ පළමු වටය ජයගැනීමට රවිඳු සමත් වූයේ ලකුණු 12-10 ක් ලෙසිනි. කෙසේ වුවත් දෙවැනි සහ තෙවැනි වටයවලදී ලකුණු 11-06 ක් සහ 11-07 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඔහු යම් පසුබෑමකට ලක්විය. 

තීරණාත්මක සිවුවැනි වටයේදීද දෙදෙනා අතර ඉතා තියුණු සටනක් පැවැති අතර ලකුණු 13-11 ක් ලෙස ඉන් ජය ලැබූ මැලේසියානු ක්‍රීඩකයා, වට 3-1 ක් ලෙස සමස්ත තරගයේ ජයද තමන් සතුකර ගත්තේය. 

රවිඳු, අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාකර ගත්තේ මූලික වටයේදී තායිලන්තයේ ලිම්පායිබූන් රවිපුන්ට එරෙහිව වට 3-0 ක් ජයක් වාර්තා කරමිනි.  


අදහස් (0)

රවිඳුගේ ගමන 16 න් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.