Last Update  :  2026-03-19 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රවිඳු - අමීෂ රිච්මන්ඩ් පිල ඔසවා තබති
මහ ක්‍රිකට් තරග - 2026

රවිඳු - අමීෂ රිච්මන්ඩ් පිල ඔසවා තබති

editorial - 2026 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 121 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (19 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි රිච්මන්ඩ් විදුහල කඩුලු 4 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියේය. 

පළමු දිනය නිමාවට පත්වන විට රනිඳු ද සිල්වා හතරේ පහරක් සමග ලකුණු 9 ක්ද, තෙනුෂ නිම්සර හතරේ පහරක් සමග ලකුණු 9 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. සදෙව් නෙත්මිණ ලකුණු 31 කට කඩුලු 2 ක් බිඳහෙළමින් මහින්ද විදුහල් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

කාසියේ වාසිය දිනූ මහින්ද විදුහල් කණ්ඩායම් නායක අරෝෂ උදයංගගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විදුහල් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 11 ක් තුළ ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මහින්ද විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී රිසිනු රූපසිංහගේ කඩුල්ල බිඳ දැමීමට සදෙව් නෙත්මිණත්, සෙනුක් දුල්මෙත්ගේ කඩුල්ල බිඳ දැමීමට කවිඳු නිම්සරත් සමත් වූහ. 

ඉන් අනතුරුව පිටියේ එක්වූ රවිඳු රන්දුනු (85) සහ අමීෂ රසාංජන (81) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 173 ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ප්‍රභල තත්වයකට රැගෙන ආහ. එම සම්බන්ධතාව නිමාවට පත්වූයේ කවීෂ ගිත්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් අමීෂ දැවී යෑම හේතුවෙනි. දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ රවිඳුගේ අර්ධ ශතකය හතරේ පහර 11 කින්ද, අමීෂගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින්ද සමන්විත විය. 


රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 4 ක් දැවී 203 
(රවිඳු රන්දුනු 85, අමීෂ රසාංජන 81, සදෙව් නෙත්මිණ 31/2) 


අදහස් (0)

රවිඳු - අමීෂ රිච්මන්ඩ් පිල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.