Last Update  :  2025-06-28 09:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රයිගම් - පස්දුන් සටනේ ජය හොරණ ශ්‍රීපාලියට

රයිගම් - පස්දුන් සටනේ ජය හොරණ ශ්‍රීපාලියට

editorial - 2025 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මතුගම බන්දු තඹවිට)

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහාවිද්‍යාලය සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලය අතර 7 වන වරට පැවැත්වුනු රයිගම් - පස්දුන් ගැටුම මහා ක්‍රිකට් තරඟයේදී හොරණ ශ්‍රීපාලි විද්‍යාලීය කණ්ඩායම කඩුලු 03 ක ජයක් අත්කර ගත්තේය.

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේදී පැවති මෙම මහා ක්‍රිකට් තරඟයේදී කාසියේ වාසිය දිනු ශ්‍රීපාලි කණ්ඩායමේ නායක දමිඳු ආදිත්‍ය පන්දුවට පහරදීමට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් කණ්ඩායමට ආරාධනා කළේය.

තරඟයේ වීරයා සම්මානය ශ්‍රී පාලි විදුහල් කණ්ඩායමේ ෂෙහාන් දීමන්ත විසින් දිනාගන්නා ලදි. දක්ෂතම පන්දු යවන්නා සම්මානය හිරුක ලෝනිත විසින් දිනාගන්නා ලද අතර දක්ෂතම පිතිකරු සම්මානය දිනාගන්නා ලද්දේ කන්නන්ගර විදුහලේ කුෂාන් පීරිස් විසිනි. ජනිඳු ගජිත් හොඳම පන්දු රකින්නාට හිමි සම්මානය දිනාගත්තේය.

 

කන්නන්ගර විදුහල් කණ්ඩායම - පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 96 යි
(චනුල් තියුගී 33, මිනුග දිසස් 13, විහඟ ඔසුමාල් 13,  ශෙහාන් දීමන්ත 40/4,  හිරුක ලෝනිත 12/ 4, හංසක නිර්මාල් 18/2)

ශ්‍රීපාලි විදුහල් කණ්ඩායම - පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 119 යි
(ශෙහාන් දීමන්ත 35, රුක්මාල් වීරසිංහ 31, කසුන් සඳරුවන් 13,  විහඟ ඔසුමාල් ලකුණු 40/5, කුෂාන් දේවක 32/4)

කන්නන්ගර විදුහල - දෙවන ඉණිම සියලු දෙනා දැවී ලකුණු 126 යි
(කුෂාන් දේවක 83, නුරාන් භාතිය 12,  ශෙහාන් දීමන්ත 55/5, හංසක නිර්මාල් 29/2)

ශ්‍රීපාලි විදුහල් කණ්ඩායම - දෙවන ඉනිම කඩුලු 7 ට 104 යි.
(දමිඳු ආදිත්‍ය 44, කසුන් සඳරුවන් 26, කුෂාන් දේවක 28/2)

 

ජයග්‍රහණය කළ හොරණ ශ්‍රී පාලි විදුහල් කණ්ඩායම


අදහස් (0)

රයිගම් - පස්දුන් සටනේ ජය හොරණ ශ්‍රීපාලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.