Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන්තුෂ්ක - හසිනි සම්මාන දිනති

රන්තුෂ්ක - හසිනි සම්මාන දිනති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකිය විදුහලේ සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා බැඩ්මින්ටන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ රන්තුෂ්ක සසිඳුද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාඛා විදුහලේ හසිනි අම්බලන්ගොඩද සම්මාන ලැබූහ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කොළඹ මියුසියස් විදුහල තරගාවලියේ වයස අවු 17න් පහළ බාලක - බාලකා ශූරතා දිනා ගත් අතර කොළඹ ආනන්ද විදුහලට සහ කොළඹ විශාඛා විදුහල තරගාවලියේ වයස අවු 20න් පහළ ශූරතා දිනා ගැනීමට සමත් වූහ.


තරග ප්‍රතිඵල

වයස අවු 17න් පහළ බාලක
■    ශූරතාව - අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල
■    අනු ශූරතාව - ගාල්ල රිච්මන්ඞ් විදුහල
■    3 වැනි ස්ථානය කොළඹ නාලන්දා විදුහල

වයස අවු 17න් පහළ බාලිකා
■    ශූරතා - කොළඹ මියුසියස් විදුහල
■    අනු ශූරතාව - කොළඹ විශාඛා විදුහල
■    3 වැනි ස්ථානය - නුගේගොඩ අනුලා විදුහල

වයස අවු 20 න් පහළ බාලක
■    ශූරතාව - කොළඹ ආනන්ද විද්‍යාලය
■    අනු ශූරතාව - කොළඹ නාලන්ද
■    3 වැනි ස්ථානය - කොළඹ රාජකීය විද්‍යාලය

වයස අවු 20 න් පහළ බාලිකා
■    ශූරතාව - කොළඹ විශාඛා විදුහල
■    අනු ශූරතාව - කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහල
■    3 වැනි ස්ථානය - කොළඹ මියුසියස් විදුහල

 


අදහස් (0)

රන්තුෂ්ක - හසිනි සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.