Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි ක්‍රීඩකයන්ගේ සංගමයේ මුල් පුටුව පවිත්‍රට

රග්බි ක්‍රීඩකයන්ගේ සංගමයේ මුල් පුටුව පවිත්‍රට

editorial - 2025 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

කොළඹ 7, ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේදී ඊයේ (22 වැනිදා) පැවැති ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන්ගේ සංගමයේ පළමු වර්ෂික මහ සභා රැස්වීමේදී එම සංගමයේ පළමු සභාපති වරයා ලෙස පවිත්‍ර ප්‍රනාන්දු මහතා තේරී පත්විය. 

කොළඹ රාජකීය විදුහල නියෝජනය කරමින් රග්බි ක්‍රීඩාවට අවතීර්ණ වූ පවිත්‍ර මහතා, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් වූ ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකි. 

සංගමයේ භාරකරුවන් ලෙස අසංග සෙනෙවිරත්න, හිෂාන් ආබ්ඩීන් සහ රොහාන් ගුණරත්න යන මහත්වරු පත්වූ අතර එහි ප්‍රධාන ලේකම්වරයා ලෙස සුදර්ෂන මුතුතන්ත්‍රී මහතාද, භාණ්ඩාගාරිවරයා ලෙස රජීව් පෙරේරා මහතාද පත්වූහ. 


නිලධාරී මණ්ඩලය 
පවිත්‍ර ප්‍රනාන්දු මහතා (සභාපති)
අෂේන් කාතරිස් මහතා (උප සභාපති)
ෆාසිල් මරීජා මහතා (උප සභාපති) 
සුදර්ෂණ මුතුතන්ත්‍රී මහතා (ප්‍රධාන ලේකම්) 
ශම්ලි නවාස් මහතා (උප ලේකම්)
රජීව් පෙරේරා මහතා (භාණ්ඩාගාරික) 
භානුක නානායක්කාර මහතා (උප භාණ්ඩාගාරික) 


කමිටු සාමාජිකයෝ 
ප්‍රදීප් බස්නායක මහතා 
අනුර ශාන්ත මහතා 
රුක්ෂානි ආරියසේන මහත්මිය
ජීවන් ගුණතිලක මහතා (නීති උපදේශක) 
සුජානි රත්නායක මහත්මිය 
කාවින්ද ජයසේන මහතා 


අදහස් (0)

රග්බි ක්‍රීඩකයන්ගේ සංගමයේ මුල් පුටුව පවිත්‍රට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.