Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් මැරතන් තරග ඉරිදා

යොවුන් මැරතන් තරග ඉරිදා

editorial - 2021 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

මෙම වසරට නියමිත 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා හා පිරිමි තරගාවලිය ඉරිදා (12) පෙරවරු 5 ට කොළඹ ගාලු මුවදොර පිටිය අසළින් ආරම්භ වේ.

මෙවර මැරතන් පිරිමි තරගය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී ගාලු පාර ඔස්සේ මොරටුව අළුත් පාර පානදුර හරහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළින් අවසන් කෙරේ.

කාන්තා මැරතන් ඉසව්ව කිලෝමීටර 21 ක් දුරැති අර්ධ මැරතන් තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 දෙනකු සභාපති වන බව ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ටී. අනිල් සිරිවර්ධන මහතා පවසයි.

මේ අතර 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල මෙම 19, 20, 21 යන දිනවල කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට දැන් තීරණය වී තිබේ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා ක්‍රීඩා හා යොවුන් කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා සමග කළ විශේෂ සාකච්ඡාවකින් පසුව මෙවර ක්‍රීඩා උළෙල කොවිඩ් නිරෝධායන නීති රෙගුලාසිවලට අනුගතව පැවැත්වීමට කටයුතු කෙරේ.

- 223


අදහස් (0)

යොවුන් මැරතන් තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.