Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් චෙස් තරගාවලියේ 19 න් පහළ ශූරයා තිසල්

යොවුන් චෙස් තරගාවලියේ 19 න් පහළ ශූරයා තිසල්

editorial - 2023 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කොට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී නිමාව දුටු ශ්‍රී ලංකා යොවුන් චෙස් තරගාවලියේ වයස 19න් පහළ විවෘත චෙස් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.තිසල් මංජිත් පියුමන්ත දිනා ගත්තේය.

ඒ සමගම තිසල් 2023 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ප්‍රධානතම චෙස් ශූරතාවලි තුනේම විවෘත ශූරතාව දිනා ගත්තේය.

එම වසරේදී තිසල් ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කොට පැවති ශ්‍රී ලංකා යොවුන් චෙස් ශූරතාවලියේ වයස 18න් පහළ විවෘත ශූරතාවත් ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කොට පැවති ශ්‍රී ලංකා පාසල් වයස 20න් පහළ විවෘත ශූරතාවත් මීට පෙර දිනා ගෙන තිබේ.

ඔහු චෙස් ක්‍රීඩාවෙන් මෙසේ ජාතික තලයේ දකම්  මෙන්ම විදෙස් රටවලදී අන්තර්ජාතික මට්ටමේ දස්කම් දක්වා තිබෙන පාසල් චෙස් ක්‍රීඩයෙකි.


අදහස් (0)

යොවුන් චෙස් තරගාවලියේ 19 න් පහළ ශූරයා තිසල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.