Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් චෙස් තරගාවලිය 27 දා සිට

යොවුන් චෙස් තරගාවලිය 27 දා සිට

editorial - 2023 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා ජාතික යොවුන් චෙස් තරගාවලිය දෙසැම්බර් මස 27, 28 සහ 29 තෙදින පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

තරගාවලිය වයස 7 න් පහළ, 9න් පහළ, 11න් පහළ, 13 න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ යන වයස් කාණ්ඩ වලින්, බාලක සහ බාලිකා අංශ දෙකින්ම තරගාවලිය පැවැත්වේ.

වයස 11න් පහළ සිට 19න් පහළ තරග දෙසැම්බර් මස 27 වැනිදා පෙරවරු 8.30 ට ආරම්භ කෙරේ. වයස 9 න් පහළ තරගාවලිය එදිනම පෙරවරු 9.30 ට ද වයස 7න් පහළ තරග එදිනම පෙරවරු 10.00  ට ආරම්භ කෙරේ.

තරගාවලිය තරග වට නවයකින් සමන්විතය. මේ තරග වට නවයෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත තරගාවලියේ බාලක සහ බාලිකා අංශවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලබයි. පළමු ස්ථාන තුන දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනැමේ.

පදක්කම් දිනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආසියානු හා බටහිර ආසියානු සහ ලෝක යොවුන් තරගාවලි සදහා ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවද හිමිවේ.


අදහස් (0)

යොවුන් චෙස් තරගාවලිය 27 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.