විසි නව වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ඉසව් ලබන සෙනසුරාදා (6) සිට ආරම්භ වේ. මෙම වසරට නියමිත 29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් 28,29,30 සහ ඔක්තෝබර් 1 යන දිනවල අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
කණ්ඩායම් ක්‍රීඩා ඉසව් සමාරම්භක උළෙල එදින පෙරවරු 8.30ට ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඩබ්. ජී. එස්. එරන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
29 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග පැවැත්වෙන ආකාරය
* පැසිපන්දු (කාන්තා/පිරිමි) මැයි 6-7 කුරුණෑගල මලියදේව පිරිමි විදුහල් පිටියේදී
* කැරම් (කාන්තා/පිරිමි) මැයි 20, 21 කොහුවල කැරම් සම්මේලන මූලස්ථානයේදී හා කුරුණෑගල ශාන්ත අනා විදුහලේදී
* කඹ ඇඳීම (කාන්තා/පිරිමි) මැයි 20-21 හරගම තරුණ සේවා පිටියේදී
* වාලිබෝල් (කාන්තා/පිරිමි): මැයි 27-28 කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ විදුහලේදී
* ක්‍රිකට් (සැහැල්ලු පන්දු කාන්තා/ පිරිමි) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාන්ගනයේදී හා අනුරාධපුර මහජන පිටියේදී
* කබඩි (කාන්තා/පිරිමි) ජූනි 10/11 මහරගම තරුණසේවා පිටියේදී
* දැල්පන්දු (කාන්තා/පිරිමි) ජූනි 24, 25 මාතර උයන්වත්ත පිටියේදී හා මාතර පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටියේදී
* එල්ලේ (කාන්තා/පිරිමි) ජූලි 1-2 බෙලිඅත්ත මහජන පිටියේදී හා රුහුණු විජයබා විදුහල් පිටියේදී
* වෙරළ වොලිබෝල් (කාන්තා/පිරිමි) ජූලි 8-9 පුත්තලම මාරවිල වෙරළ පිටියේදී
* පාපන්දු (කාන්තා/පිරිමි) ජූලි 29, 30 බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.