Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමත්විය.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි වටයේ තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය විසින් කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 177 කින් පරාජය කරන ලදි. මෙවර තරගාවලියේ තම තෙවැනි ශතකය ශාන්ත අන්තෝනි පිලේ ආරම්භක පිතිකරු යෙනුල හේවාවිතාරණට එක් ලකුණකින් අහිමිවූ අතර, ප්‍රවීන් ගමගේ තුන් ඉරියව් දස්කම් දැක්වීය.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 5 ට 265 යි
(යෙනුල හේවාවිතාරණ 99, ප්‍රවීන් ගමගේ 83, පිවිතුරු සිල්වා 34/3)
කුරුණෑගල මලියදේව විද්‍යාලය - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 88 යි
(තෙනු මාපා නොදැවී 24, දම්ලත් ගමගේ 23, ප්‍රවීන් ගමගේ 29/4, ඉමෙත් රාජපක්ෂ 10/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.