Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුපුන්ගේ වේගය බසී

යුපුන්ගේ වේගය බසී

editorial - 2021 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවරදී  පැවැති ඩයමන්ඩ් ලීග් අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් එහි නව වැනි (අවසන්) ස්ථානයට පත්විය. ඔහුගේ තරග කාලය තත්පර 10.25 කි.

පසුගිය අගෝස්තු 1 වැනිදා ටෝකියෝ ඔලිම්පික් උළලේදී මීටර 100 (පිරිමි) ඉසව්වට තරග වැදීමෙන් පසුව යුපුන් සහභාගි වූ පළමු අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලිය මෙයයි.
සිය ඉසව්වේ දක්ෂතා ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් සුරිච් තරගාවලියට සහභාගිවුවත් යුපුන්ගේ මෙවර දක්ෂතාද හීන වී තිබිණ.

අගෝස්තු 1 වැනිදා පැවැති ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 (පිරිමි) ඉසව්වේ මූලික තරගයේදී යුපුන්ගේ නිමි කාලය වූයේ තත්පර 10.32 කි. එය අවසන් තරගයට පිවිසීමට ඔහුට ප්‍රමාණවත් නොවීය.

සුරිච් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර 100 (පිරිමි) ඉසව්වේ ජයග්‍රාහකයා වූයේ ටෝකියෝ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී ඇමරිකානු ක්‍රීඩක ෆ්‍රෙඩ් කෙලීය. ඒ තත්පර 9.87 කටය. කෙලීගේ ටෝකියෝ ඔලිම්පික් අවසන් තරග නිමි කාලය තත්පර 9.84 කි.

ඔලිම්පික් ලෝකඩ පදක්කම ලද (තත්පර 9.89) කැනේඩියානු ක්‍රීඩක ඇන්ඩ්‍රි ද ග්‍රේස් සුරිච් ඩයමන්ඩ් ලීග් මීටර 100 (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම්ලාභියා වූයේද තත්පර 9.89 කටය.
ටෝකියෝ ඔලිම්පික් මීටර 100 (පිරිමි) අවසන් තරගයට සහභාගි වූ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම සුරිච්හි පැවැති ඩයමන්ඩ් ලීග්  තරගයට සහභාගි වූහ.

ඉතාලියේ පුහුණුවීම් කරන යුපුන් අබේකෝන් තත්පර 10.15 කට මේ වනවිට මීටර 100 (පිරිමි) ජාතික වාර්තාවටද හිමිකම් කියයි.


අදහස් (0)

යුපුන්ගේ වේගය බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.