Last Update  :  2026-02-08 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාවට තවත් ගුවන් ප්‍රහාරයක්

යුද හමුදාවට තවත් ගුවන් ප්‍රහාරයක්

editorial - 2026 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ පළඟ වටය යටතේ ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර සෙනසුරාදා (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25-12 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය.

මෙවර තරගාවලියේදී ගුවන් හමුදාව ලැබූ හයවැනි ජය මෙන්ම යුද හමුදාවට එරෙහිව ලැබූ දෙවැනි ජයද මෙය විය. තරගාවලියේ මූලික වටයේදී ගුවන් හමුදාව හමුවේ යුද හමුදාව පරාජය වූයේ ලකුණු 24-19 ක් ලෙසිනි. 

යුද හමුදා කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගනය වන පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-05 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගුවන් හමුදා ක්‍රීඩකයන් උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර යුද හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 15 ක් එක්කර ගැනීමට සමත් වෙද්දී, යුද හමුදා ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව තරගයේ නියමිත වේලාව අවසන් වන විට ගුවන් හමුදාවට ලකුණු 25-12 ක පහසු ජයක් හිමිවිය. 

 


අදහස් (0)

යුද හමුදාවට තවත් ගුවන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.