Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාවට 26 - 3 ක පහසු ජයක්

යුද හමුදාවට 26 - 3 ක පහසු ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේ අටවැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් අද ( 10 වැනිදා) සවස දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැති රග්බි තරගයකදී හම්බන්තොට ශාර්ක්ස් පිල පරදවා 26 - 3 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.

යුද හමුදා පිල ගෝල දිනුම් 3 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත්තේය. හම්බන්තොට ශාර්ක්ස් පිලට ලබාගත හැකිවූයේ ඩ්‍රොප් ගෝලයක් පමණි.

යුද හමුදා පිල වෙනුවෙන් ෆිජි ජාතික බිලා උත්සාහක දිනුම් 3 ක් ලබාගත් අතර රිස්ලි මොහොමඞ් අනෙක් උත්සාහක දිනුම ලබාගත්තේය. උපාලි වික‍්‍රමසිංහ ඒවායින් තුනක් ප‍්‍රවර්ථනය කළේය. හම්බන්තොට පිල වෙනුවෙන් දේව් ආනන් එකම ඩ්‍රොප් ගෝලය ලබාගත්තේය.


අදහස් (0)

යුද හමුදාවට 26 - 3 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.