Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
මොරටුව විශ්වවිද්‍යාලයීය චෙස් ක්‍රීඩා සමාජය හත් වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘මෝරා කින්ග්ස්‘ ජාත්‍යන්තර ශ්‍රේණිගත කීරීමේ චෙස් තරගාවලිය ජුනි මස 6 සිට 10 දක්වා මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. මෙම තරගාවලිය සදහා දෙස්විදෙස් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට වැඩි පිරිසක් සහභාගිවනු ඇතැයි තරග සංවිධායකයෝ කියති.
තරගාවලිය තරග වට 10 කින් සමන්විතය. මේ තරග වට 10 න් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබයි. ජයග්‍රාහකයන්ට රන්, රිදී සහ ලෝකඩ පදක්කම්වලට අමතරව මුදල් ත්‍යාග ද පිරිනැමේ. ත්‍යාග සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දෙකකි.
විවෘත ශූරතාව සදහා රුපියල් 150,000 ක් ද අනු ශූරතාව සදහා රුපියල් 100,000 ක්ද තෙවැනි ස්ථානය සදහා රුපියල් 75,000ක් ද පිරිනමනු ලැබේ. විවෘත කාන්තා ශූරතාව සඳහා මුදලින් රුපියල් 75,000ක් ද අනු ශූරතාවයට මුදලින් රුපියල්40,000ක් ද තෙවැනි ස්ථානය සදහා රුපියල් 20,000ක් ද පිරිනමනු ලබයි.
තරගාලියේ නම් කර ඇති අනෙක් තරග ඉසව්වල ජයගාහක,ජයගාහිකාවන් සදහා ද මුදල් තයාග පිරිනැමේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.