Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මරදාන සහිරා විදුහල සහ මොරටු විද්‍යාලය අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මොරටු විද්‍යාලය සමත් විය.
මොරටු විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිහරඹක නිරත වූ නිෂාන් මදුෂ්ක ලකුණු 178 ක් රැස්කළ අතර රෂාන් ප්‍රනාන්දු ලකුණු 65 කට කඩුලු 11 ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.
සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 136
(මොහොමඞ් ශාකි 32, මොහොමඞ් රමීස් 29, සජිත් සමීර 27, රෂාන් ප්‍රනාන්දු 28/5, නිරාජ් කවිෂ්ක 35/3)
මොරටු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 104.4 කදී කඩුලු 8 ක් දැවී 335
(නිෂාන් මදුෂ්ක 178, ශේහද සොයිසා 74, මොහොමඞ් රිෆාත් 28/2, මොහොමඞ් මාදි 107/3)
සහිරා විදුහල දෙවැනි ඉනිම - ඕවර 44 කදී කඩුලු 8 ක් දැවී 76
(සජිත් සමීර 29, රෂාන් ප්‍රනාන්දු 37/6)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.