Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමාර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති 67 වැනි මොරටු රන් සටන අද (11 වැනිදා) ජය පැරදුමකින් තොරව අවසන් විය.
සෙබස්තියන් විදුහලට වඩා ලකුණු 9 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ වේල්ස් කුමාර විදුහල, තරගය නරත කරන විට කඩුල්ලක් දැවී ලකුණු 41 ක් ලබා සිටියේය.
දෙවැනි දිනය වූ උදැසන සිය පළමු ඉනිම ආරම්භ කළ ශාන්ත සෙබස්තියන් විදුහලට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 221 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ කෞමාල් නානායක්කාර ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගනිමින් සෙබස්තියන් විදුහලේ පිතිකරුවන් අසරණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් තාරුක ප්‍රනාන්දු ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගත්තේය.
වේල්ස් කුමාර පළමු ඉනිම - සියලු දෙනා දැවී 230
(විශ්ව චතුරංග 88, ඩිලංක මධුරංග 32, සංජය ප්‍රනාන්දු 24, ප්‍රවින් ජයවික්‍රම 62/5, තරූෂ ප්‍රනාන්දු 17/2, නුවනිඳු ප්‍රනාන්දු 39/2)
සාන්ත සෙබස්තියන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 221
(මිෂේන් සිල්වා 77, නිමේෂ් බණ්ඩාර 43, තරුෂ ප්‍රනාන්දු 40, කෞමාල් නානායක්කාර 46/5, තාරුක ප්‍රනාන්දු 50/3)
වේල්ස් කුමාර දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 41
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.