Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේසපන්දු විශේෂ මහ සභා රැස්වීම හෙට

මේසපන්දු විශේෂ මහ සභා රැස්වීම හෙට

editorial - 2022 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට (4 වැනිදා) ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සභාපති කනක හේරතම් මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම විශේෂ මහ සභා රැස්වීම පැවැත්වීමට නියමිතය.

වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කිරීමේ සහා නිලවරණ කමිටුව පත්කර ගැනීමේ අරමුණින් මෙම විශේෂ මහ සභා රැස්වීම කැඳවා ඇති බව මේසපන්දු සංගමයේ නිලධාරියෙක් පැවසීය. මේසපන්දු සංගමයේ විධායක කමිටුවට අමතරව එම සංගමයට අනුබද්ධ සංගම් 30 ක නියෝජිතයන්ද මෙම විශේෂ මහ සභා රැස්වීමට සහභාගි වීමට නියමිතය.

ක්‍රීඩා සංගම්වල නිලවරණ මැයි මස 31 වැනිදාට පෙර පවත්වා නිම කිරීමට ක්‍රීඩා අමා්‍යංශය උපදෙස් දී තිබිණ. එහෙත් රට තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සහන කාලයක් ලබා දෙමින් අගෝස්තු මස 31 වැනිදා දක්වා එම කාල සීමාව දීර්ඝ කිරීමට අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 


අදහස් (0)

මේසපන්දු විශේෂ මහ සභා රැස්වීම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.