Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේසපන්දු තරගාවලිය මේ මස 7 - 8

මේසපන්දු තරගාවලිය මේ මස 7 - 8

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ලූම්බිණි විදුහල සංවිධානය කරන බස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලිය මේ මස 7 සහ 8 දින වලදී ලූම්බිණි විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී වයස අවුරුදු 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ, 18 න් පහළ සහ 21 න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා තරග පැවැත්වෙන අතර විවෘත කාණ්ඩය යටතේ පිරිමි සහ කාන්තා තරග පැවැත්වේ. තරගාවලියට සහභාගී වීමට නියමිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 300 කට අධිකය.

තරගාවලියේ අවසන් මහ තරග 8 වැනිදා පස්වරු 4.30 සිට පැවැත්වෙන අතර ඉන් පසුව ජයග‍්‍රාහික ජයග‍්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ.

තරගාවලිය පිළිබඳව වැඩි විස්තර 0777751345 හෝ 071 4472400 යන දුරකථන අංක ඔස්සේ ලූම්බිණි විදුහලේ මේසපන්දු පුහුණුකරු චන්දන පෙරේරා මහතා ඇමතීමෙන් දැනගත හැකිය.


අදහස් (0)

මේසපන්දු තරගාවලිය මේ මස 7 - 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.