ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ නුවරදී මෙ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියේය.
ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන් සිව්දෙනා බැගින් සමන්විත ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමේ කළමනාකරු ලෙස මොහොමඞ් මුතාලිබ් මහතා කටයුතු කරයි.
රොහාන් සිරිසේන, උදය රණසිංහ, දිනේෂ් දේශපි‍්‍රය සහ නිර්මල ජයසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයන් වන අතර ඉෂාරා මධුරංගි, එරන්දි වරුසවිතාන, හංසනී පියුමිලා සහ චමත්සරා ප‍්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩිකාවෝ වෙති.
ප‍්‍රවීණ මේසපන්දු පුහුණුකරුවකු වන ලලිත් පි‍්‍රයන්ත මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
තවද ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් සමන් රත්නායක මහතා සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපතිවරියක වන සදිසි නිරාශා මෙනවිය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් නිලධාරීන් ලෙස තරගාවලියට සහභාගී වෙති.
පළමු පෙළ (වමේ සිට) - රොහාන් සිරිසේන, උදය රණසිංහ, දිනේෂ් දේශපි‍්‍රය සහ නිර්මල ජයසිංහ
දෙවැනි පෙළ - ඉෂාරා මධුරංගි, එරන්දි වරුසවිතාන, හංසනී පියුමිලා සහ චමත්සරා ප‍්‍රනාන්දු
තෙවැනි පෙළ - ලලිත් පි‍්‍රයන්ත (පුහුණුකරු), මොහොමඞ් මුතාලිබ් (කළමණාකරු), සමන් රත්නායක (නිලධාරී), සදිසි නිරාෂා (නිලධාරී)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.