Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේධානි දෙවැනි වටයට පැනගනී

මේධානි දෙවැනි වටයට පැනගනී

editorial - 2021 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන යොවුන් (අවුරුදු 20 න් පහළ) මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර් 100 කාන්තා ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ  මේධානි ජයමාන්න අද (18 වැනිදා) මීට සුළු වේලාවකට පෙර සමත් වූවාය.

ක්‍රීඩිකාවන් 36 දෙනෙක් සහභාගි වූ එම ඉසව්වේ මූලික වටයේ තරග අදියර 5 කින් සමන්විත විය. ඉන් සිවුවැනි අදියරට සහභාගි වූ මේධානි, තත්ත්පර 12.01 ක කාලක් වාර්තා කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය. තරග නිමි කාලය අනුව  වටයේ සිවුවැනි අදියරේ 6 වැනි ස්ථානයට පත්වූ මේධානි, අවසන් තරගයට සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් 24 දෙනා අතර 24 වැනි ක්‍රීඩිකාව ලෙසින් අවසන් පූර්ව වටයට පිවිසියාය.

මෙම ඉසව්වේ අවසන් පූර්ව වටය මූලික තරග 3 කින් සමන්විත වේ. එහි පළමු මූලික තරගයට තේරී සිටින මේධානි යළිත් තරග බිමට පිවිසීමට නියමිතය. ඇය සහභාගි වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6.40 ට පැවැත්වේ.

මූලක වටයේ ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම කාලයට (තත්ත්පර 11.20) හිමිකම් කීමට නැමීබියාවේ බියෙට්‍රිස් මැසිලිංගි සමත් වූ අතර එය වයස 20 න් පහළ නව ලෝක වාර්තාවක් ලෙසද සටහන් විය. මෙම ඉසව්වේදී මේධානිගේ හොඳම තරග නිමි කාලය තත්ත්පර 11.85 ක් ලෙස සටහන් වේ.


මේධානි සහභාගි වූ මූලික වටයේ සිවුවැනි අදියරේ ප්‍රතිඵල
1 ටීනා ක්ලේටන් (ජැමෙයිකාව) - තත්පර 11.50
2 ඊවා කුබිකෝවා (චෙක් ජනරජය) - තත්පර 11.75
3 වික්ටෝරියා ෆෝස්ටර් (ස්ලෝවැකියාව) - තත්පර 11.75
4 ගයා බර්ටෙලෝ (ඉතාලිය) - තත්පර 11.86
5 ඉසබෙලා ⁣ගෝඩ්‍රස් (කැනඩාව) - තත්පර 11.91
6 මේධානි ජයමාන්න (ශ්‍රී ලංකාව) - තත්පර 12.01
7 ලැකර්තියා කූපර් (බහරේනය) - තත්පර 11.30

 

- 213

 


අදහස් (1)

මේධානි දෙවැනි වටයට පැනගනී
  • sam Thursday, 19 August 2021 08:15 AM

    බලාගෙන ක්‍රීඩා ඇමැති ඔය තරගයත් බලන්න ගිහිල්ලා ඇවිල්ලා කියයිද දන්නේ නැහැ... අපේ අය ක්‍රීඩාකරන්න නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ.. සමහරක් අය සපත්තු ගෙදර තියලා ගිහිල්ලා කියලත් කියනවා. එයාලට කිරි ඔයාලට කැකිරි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.