Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ බාලිකා කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව මේ වසරේදීත් (2017) රැකගැනීමට ඉකුත් වසරේ ශූරියන් වූ රත්ගම දේවපතිරාජ විදුහල් කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
කැම්බල් පිටියේදී අද (17 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී නුගේගොඩ අනුලා විදුහලට එරෙහිව කඩුලූ 8 ක ජයක් වාර්තා කරමින් දේවපතිරාජ විදුහල ශූරතාවට හිමිකම් කීවේය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 110 ක ඉලක්කයක් හඹාගිය දේවපතිරාජ විදුහල් කී‍්‍රඩිකාවෝ ඕවර 18.2 ක් අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
අවසන් පූර්ව වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කඩුලූ 10 ක ජයක් වාර්තා කිරමින් දේවපතිරාජ විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර අනුලා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ඔක්කම්පිටිය විජයබාහු මහ විදුහලට එරෙහිව කඩුලූ 9 ක ජයක් වාර්තා කරමිනි.
තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී විජයබාහු මහ විදුහල ලකුණු 2 කින් පරාජය කිරීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් වූ අතර එහිදී නොදැවී ලකුණු 55 ක් රැස් කිරීමට ශාන්ත අන්තෝනි විදුහලේ සඳුනි නිසංසලා සමත් වූවාය.
දේවපතිරාජ විදුහලේ කාවින්දි පාරමී තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර අනුලා විදුහලේ ජනාදි අනාලි අවසන් මහ තරගයේ දක්ෂතම පිතිකාරිණිය ලෙසත්, දේවපතිරාජ විදුහලේ ටෙලීෂියා චතුරංගි අවසන් තරගයේ දක්ෂතම පන්දු යවන්නිය ලෙසත් සම්මන දිනාගත්හ.
සිංගර් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ අනුග‍්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය මෙම තරගාවලිය සංවිධානය කළේය.
අවසන් මහ තරගය
අනුලා විදුහල - ඕවර 30 කදී කඩුලූ 5 ක් දැවී 109
(ජනාදි අනාලි නොදැවී 40, අමාෂා දිල්ෂානි 27, ටෙලීෂියා චතුරංගි 18/2)
දේවපතිරාජ විදුහල - ඕවර 18.2 කදී කඩුලූ 2 ක් දැවී 110
(කාවින්දි පාරමී 27, කවීෂා දිල්හාරි නොදැවී 23, ඉරේෂා චතුරානි නොදැවී 18, නිලක්ෂනා සඳමිණි 14)
තෙවැනි ස්ථානය තේරීමේ තරගය
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 20 කදී කඩුල්ලක් දැවි 112
(සඳුනි නිසංසලා නොදැවී 55, සචිනි ජයරත්න නොදැවී 27)
විජයබාහු විදුහල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවි 110
(ඉෂංකා මධුෂානි නොදැවී 24, සත්‍යා දසනායක 25/2)
දේවපතිරාජ විදුහල් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.