Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීටර් 1500 ඔලිම්පික් වාර්තාව අලුත්වෙයි

මීටර් 1500 ඔලිම්පික් වාර්තාව අලුත්වෙයි

editorial - 2021 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 1500 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් නව ඔලිම්පික් වාර්තාවක්ද පිහිටුවීමට නෝර්වේ රාජ්‍යයේ ජෙකොබ් ඉන්ජෙබ්‍රිග්ට්සෙන් සමත් විය. එම ඉසව්වේ අවසන් මහ තරගය විනාඩි 3:28.32 ක කාලයකින් නිමා කරමින් ඔහු නව වාර්තාව පිහිටුවේය.

තවමත් 20 වැනි වියේ පසුවන ජෙකොබ්, මෙම තරගයේදී වාර්තා කරන ලද කාලය මීටර් 1500 ඉසව්ව සඳහා ඔහුගේ හොඳම කාලය ලෙසද සටහන් විය. එහිදී ඔහු බිඳ දැමුවේ මෙවර ඔලිම්පික් උළෙලේම මීටර් 1500 ඉසව්වේ අවසන් පූර්ව වටයේදී කෙන්යාවේ අබෙල් කිප්සැග් විසින් පිහිටුවන ලද වාර්තාවය.

අවසන් තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් 13 දෙනාගෙන් 6 දෙනෙකුම පැරණි ඔලිම්පික් වාර්තාව පසුකර යෑමට සමත්වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. එම ක්‍රීඩකයන් 6 දෙනාගෙන් සිවුදෙනෙකුම ඔවුන්ගේ හොඳම පෞද්ගලික කාලයන් වාර්තා කරමින් තරගය අවසන් කළහ‍.

විනාඩි 3:29.01 ක කාලයක් වාර්තා කළ කෙන්යාවේ ටිමෝති චෙරුයියොට් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර බ්‍රිතාන්‍යයේ ජොස් කේර් එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ විනාඩි 3:29.05 ක කාලයක් වාර්තා කරමිනි.

-036


අදහස් (0)

මීටර් 1500 ඔලිම්පික් වාර්තාව අලුත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.