Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීටර් 10,000 රන් පදක්කමත් සිෆාන්ට

මීටර් 10,000 රන් පදක්කමත් සිෆාන්ට

editorial - 2021 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තයේ සිෆාන් හසන් සමත් වූවාය. එම ඉසව්වේ අවසන් මහ තරගය විනාඩි‍‍ 29:55.32 ක කාලයකින් නිමා කරමින් ඇය රන් පදක්කමට හිමිකම් කීවාය.

විසිඅට වැනි වියේ පසුවන සිෆාන්, මෙවර ඔලිම්පික් උළෙලේදී දිනාගත් තෙවැනි පදක්කම මෙය වන අතර මින් පෙර ඇය මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම සහ මීටර් 1500 ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනාගත්තාය. කෙසේ වුවත් මීටර් 10,000 ඉසව්වේදී ඇගේ හොඳම කාලය සටහන් වන්නේ විනාඩි‍‍ 29:06.82 ක් ලෙසිනි‍.

මින් පෙර ඇය ලෝක මලල ක්‍රීඩා ශූරතාවලි 2 කදී, ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියකදී, යුරෝපීය ශූරතාවලි ‍කදී සහ යු‍රෝපීය ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියකදීද මීටර් 1500, මීටර් 5000 සහ මීටර් 10,000 යන ඉසව්වලින් රන් පදක්කම් දිනා සිටියාය.

මීටර් 10,000 ඉසව්වේ ලෝක වාර්තාවට (විනාඩි 29:01.‍) හිමිකම් කියන ඉතියෝපියාවේ ලෙටසෙන්‍බෙට් ගිඩෙයිද මෙම තරගයට සහභාගි වූ නමුත් ඇයට එහි ලෝකඩ පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවූවාය. එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 30:01.72 කි.

සිෆාන්ට වඩා තත්ත්පර 0.86 ක් පසුපසින් තරගය නිමා කළ බහරේනයේ කල්කිඩන් ගෙසහෙග්නේ එම ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කීවේ විනාඩි 29:56‍.18 ක කාලයක් වාර්තා කරමිනි.


-036


අදහස් (0)

මීටර් 10,000 රන් පදක්කමත් සිෆාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.