Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීගමුව මාරිස්ටෙලා අර්ධ අවසන් පූර්ව වටයට
17න් පහළ I කොටසේ ක්‍රිකට්

මීගමුව මාරිස්ටෙලා අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය  සමත්විය.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී මීගමුව මාරිස්ටෙලා  විද්‍යාලය විසින් සත්කාරක පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ලකුණු 81 කින් පරාජය කරන ලදි. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ කවිත් ද සිල්වා ලකුණු 69 ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ සවිදු සත්සර ලකුණු 20 ට කඩුලු 5ක් දවාලීය.

 

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 218 යි
(කවිත් ද සිල්වා 69, ගෞර මින්සර 30, හංසක පෙරේරා 24, දිනුර නෙත්විඳු 43/3, සදීෂ පතිරාජ 46/2, තිමාත් තේනුජ 47/2)

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 137 යි 
(නිම්නාත් වින්සර 50, සවිඳු සත්සර 20/5, ජාත්‍ය සූරියආරච්චි 26/2)

 


අදහස් (0)

මීගමුව මාරිස්ටෙලා අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.