
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 22 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ රාජකීය විදුහලේ කමිල් මිෂාර ලකුණු 158 ක් රැස්කළ අතර එම විදුහලේම ප්‍රශාන් කල්හාර ලකුණු 53 කදී කඩුලු 12 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 92
(ප්‍රශාන් කල්හාර 23/6, දිෂාන් බාලසූරිය 29/2, කවිඳු පතිරණ 18/2)
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 74 කදී කඩුලු 5 ක් දැවී 253
(කමිල් මිෂාර 158, සදීෂ රාජපක්ෂ 23, කවිඳු චතුරංග 51, යසිරු කස්තුරිආරච්චි 47/2)
ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 59.3 කදී සියලු දෙනා දැවී 139
(සවිඳු උත්සර 49, තෙවිඳු දික්වැල්ල 33, ප්‍රශාන් කල්හාර 30/6, මනුල පෙරේරා 13/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.