මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේදී පැවැති ආරාධිත කබඩි තරගාවලියකදී කෑගල්ල දිස්ත‍්‍රික් සංගම් කබඩි කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් හතරක් තරගාවලියට සහභාගි වු අතර බස්නාහිර පළාත් කබඩි කණ්ඩායම අනුශූරතාවද, නැගෙනහිර පළාත් කබඩි කණ්ඩායම තෙවැනි ස්ථානයද හිමිකර ගත්තේය.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සත්කාරක මැලේසියාවෙන් ද කණ්ඩායම් තරගාවලියට සහභාගිවිය. ඉන්දිය සහ බංග්ලාදේශ කණ්ඩායම් තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන ලැබීය.
කෑගල්ල දිස්ත‍්‍රික් කණ්ඩායම සහ බස්නාහිර පළාත් කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයෙන් කෑගල්ල දිස්ත‍්‍රික් කණ්ඩායම ලකුණු 19/9 ක ජයක් ලැබීය.
චමීර කුමාර, තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. තරගාවලියට සහභාගිවීම සදහා ජයග‍්‍රාහී කෑගල්ල දිස්ත‍්‍රික් කබඩි කණ්ඩායමට සබරගමුව පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අනුග‍්‍රහය දැක්වීය.
ළහිරු කුරුප්පුගේ නායකත්වයෙන් යුත් කෑගල්ල දිස්ත‍්‍රික් කබඩි කණ්ඩායමට අසේල සංජීව, චමීර කුමාර, අමිල චන්දන, නලින් කුමාර, ළහිරු බණ්ඩාර, සමින්ද තෙන්නකෝන්, වසන්ත පෙරේරා, ප‍්‍රභාත් තිලකරත්න, ජීවන්ත මහේෂ්, නදුන් ජයවර්ධන යන ක‍්‍රීඩකයෝ ඇතුළත් වුහ. සාගර වර්ණකුලසුරිය මහතා පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ශූරතාව දිනාගත් කුරුණෑගල දිස්ත‍්‍රික් කබඩි කණ්ඩායම ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම් ඊයේ (25) සවස දිවයිනට පැමිණියේය.
ශූරතාව දිනාගත් කුරුණෑගල දිස්ත‍්‍රික් කබඩි කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.