Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 කට නෙස්ටමෝල්ට් අනුග්‍රහය

මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 කට නෙස්ටමෝල්ට් අනුග්‍රහය

editorial - 2022 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙරට මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනකු සඳහා අනුග්‍රහය දැක්වීමට නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ නෙස්ලේ ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි.

වසර 2021 මාර්තු මාසයේදී පැවති 46 වෙනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගාවලියේ කාන්තා හා පිරිමි ඉසව්හි රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් හයදෙනා සඳහා මෙම අනුග්‍රහය පිරිනැමීමේ දී ඔවුන්ට මූල්‍යාධාර හා පුහුණු උපකරණ සැපයීම හැරෙන්නට ඉදිරි වසරක කාලයක් සඳහා නෙස්ටමෝල්ට් නිෂ්පාදන ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.

“අද රට තුළ නිර්මාණය වී තිබෙන දැඩි ආර්ථික පසුබෑම තුළ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත්ව සිටින දුෂ්කරතා තත්ත්වය අපේ අවධානයට යොමු වුණා. විශේෂයෙන්ම හොඳ පෝෂණ තත්ත්වයක් ලැබිය යුතු මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන එහිදී අපේ පළමු අවධානය යොමුවුණා. මේ තුළින් ඔවුන්ගේ පුහුණු කටයුතු අඛන්ඩව පවත්වාගෙන යන අතර ඔවුන්ගේ පෝෂණ තත්ත්වයන් ඉහළ නංවා ගැනීමට උපකාරීවනු ඇතැයි නෙස්ලේ ලංකා සමාගම විශ්වාසය කරනවා. “ යයි මෙම අනුග්‍රහය දැක්වීම පිළිබඳව නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති (කිරි ආහාර නිෂ්පාදන අංශය) රුවන් වැළිකල මහතා පැවසීය.

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම පෝෂණ අනුග්‍රහය පිරිනැමීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.


නෙස්ටමෝල්ට් අනුග්‍රහය ලබන මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
මුත්තුසාමි ෂිවරාජන් (ගුවන් හමුදාව), වේලු ක්‍රිෂාන්තනි, තිස්ස ගුණසේකර (යුද හමුදාව), මධුෂානි හේරත් (නාවික හමුදාව), සිසිර කුමාර (නාවික හමුදාව) හා සමන්තිකා ලියනගේ (යුද හමුදාව)


නෙස්ටමෝල්ට් අනුග්‍රහය ලබාගත් මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති රුවන් වැලිකල, එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුගත් සංජීව, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ හා ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලාල්, මලල ක්‍රීඩා පුහුණුකරු මධුර පෙරේරා යන මහත්වරුද සමගින් ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව

 


අදහස් (0)

මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 කට නෙස්ටමෝල්ට් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.