Last Update  :  2025-05-12 20:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැරතන් - පාපැදි - ඇවිදීමේ තරග ඇඹිලිපිටියේදී

මැරතන් - පාපැදි - ඇවිදීමේ තරග ඇඹිලිපිටියේදී

Nisanka Sandeepani - 2017 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ක්‍රීඩා තුනක් (මැරතන්, පාපැදි හා තරග ඇවිදීම) ලබන 27 සහ 28 දිනවල ඇඹිලිපිටිය නගරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ.


මැරතන් සහ පාපැදි (ස්ටැන්ඩර්ඞ්) තරග 27 පැවැත්වීමටත් තරග ඇවිදීම හා පාපැදි (රේසිං) 28 දා පැවැත්වීමටත් නියමිතය. අදාළ ක්‍රීඩා තුන සඳහා පළාත් මට්ටමින් ක්‍රීඩකයින් 90 හා ක්‍රීඩිකාවන් 54 දෙනෙකු සහභාගි වීමට නියමිතය.  

මෙම ක්‍රීඩා තුනේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි  සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමටද ක්‍රීඩා අමාත්‍යංශය හා එම ක්‍රීඩා තුනේ ජාතික ක්‍රීඩා සංගම් බලාපොරොත්තු වේ.

 


අදහස් (0)

මැරතන් - පාපැදි - ඇවිදීමේ තරග ඇඹිලිපිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.