වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී ඬේවිඞ් පීරිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 30-29 ක තියුණු ජයක් වාර්තා කිරීමට මාස් හෝල්ඩින්ස් කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 22-15 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ මාස් හෝල්ඩින්ස් ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 8 ක් එක්කර ගත්හ.
ඬේවිඞ් පීරිස් ක්‍රීඩිකාවෝ දෙවනි අර්ධයේදී ලකුණු 14 ක් රැස්කළද පළමු අර්ධය අවසානයේ පැවැති පරතරය අනුව මාස් හෝල්ඩින්ස් කණ්ඩායමට තරගයේ ජය හිමිවිය.
මෙම තරගය තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති අතර ලකුණු 11 ක් රැස්කළ මාස් හෝල්ඩින්ස් කණ්ඩායමේ ටාහිරා කටිලෑන් එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.