වෙළද සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තය වනවිටදී ප්‍රසාද ලකුණු 33 ක් හිමිකරගත් මාස් යුනිචෙලා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැණීමට සමත්විය. තරග හතකට සහභාගීවී ඇති මාස් යුනිචෙලා කණ්ඩායම තරග හතම ජයගැනීමට සමත්විය.
ප්‍රසාද ලකුණු 28 ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවන ස්ථානයේ පසුවන කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම තරග හතකින් තරග හයක් ජයගෙන ඇත.
පසුගිය සති අන්තයේදී මාස් යුනිචෙලා පිල හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙනසිටි කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායමට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.
ජයගත් තරග හතෙන් තරග පහකදී අතිරේක ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්වූ අතර කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම ජයගත් තරග හයෙන් තරග හතරකදී අතිරේක ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට සමත්වී ඇත.
කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම තරග අටකට සහභාගී වුවද එකඳු තරගයක් හෝ ජයගැනීමට අවස්ථාව හිමිනොවීය.
සැප්තැම්බර් 29 වැනිදා දක්වා ප්‍රසාද ලකුණු සටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.