Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාරිස්ටෙලා විදුහල අවසන් පූර්ව වටයට

මාරිස්ටෙලා විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2021 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල සමත් විය.

ගිරිවුල්ල වික‍්‍රමශීලා ක‍්‍රීඩංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසල එරෙහිව කඩුලූ 3 ක තියුණු ජයක් වාර්තා කරමින් මාරිස්ටෙලා විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් වික‍්‍රමබාහු ජාතික පාසල ඕවර 37.3 අවසානයේ ලකුණු 81 කට සීමා කිරීමට සවිඳු පෙරේරා සහ ඒෂාන් ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ මාරිස්ටෙලා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී සවිඳු ලකුණු 15 කට කඩුලූ 4 ක්ද, ඒෂාන් ලකුණු 13 කට කඩුලූ 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 82 ක ඉලක්කයක් හඹාගිය මාරිස්ටෙලා විදුහල  ඕවර 15.5 ක් කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. සවිඳු පෙරේරා සහ කසුන් රොද්‍රගූ ලකුණු 17 බැගින් රැුස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළහ.

 
වික‍්‍රමබාහු ජාතික පාසල -  ඕවර 37.3 කදී සියලූ දෙනා දැවී 81
(නිම්නද සොයිසා 15, මිතිල හේරත් 14, සවිඳු පෙරේරා 15/4, ඒෂාන් ප‍්‍රනාන්දු 13/3)
 
මාරිස්ටෙලා විදුහල -  ඕවර 15.5 කදී කඩුලූ 7 ක් දැවී 82
(සවිඳු පෙරේරා 17, කසුන් රොද්‍රිගූ 17, සෙනුක දින්වර 15, ගීත් සමරනායක 18/4, යොහාන් රණමීරමුල්ල 33/3)

-036

 


අදහස් (0)

මාරිස්ටෙලා විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.