කොළඹ අශෝක විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ඉනිමක සහ ලකුණු 9 ක ජයක් වාර්තා කිරීමට මාතර ශාන්ත තෝමස් විදුහල සමත්විය.
අශෝක විදුහලට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 93 ක ඉලක්කයක් හිමිවුවත්, සියලූදෙනා දැවී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 84 ක් පමණි.
දකුණත් පිටදඟ පන්දුයවන කී‍්‍රඩක ලසිත් ලක්ෂාන් ලකුණු 74 කට කඩුලූ 9 ක් දවාගනිමින් අශෝක විදුහලේ පිතිකරුවන් අසරණ කළේය.
අශෝක විදුහල පළමු ඉනිම ඕවර 42.4 කදී සියලූ දෙනා දැවී 156
(මලිඳු මඳුරංග 55, දීලක චන්ද්‍රසේකර 49, ප‍්‍රමෝද් පෙරේරා 19, ලසිත් ලක්ෂාන් 34/5)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 70.2 කදී කඩුලූ 9 කට 249
(විදත් ජයනිදු 42, රුසිරු අක්ෂය 29, දිලූම් කි‍්‍රෂාන් 28, නෙවිඳු උදේෂ් 28, ඔසඳ චමුපති 20, මෙහොමඞ් ශිෆ්ලි 31/2, සෙව්වන්ද ශානක 38/2, රන්දික දිසානායක 58/2)
අශෝක විදුහල දෙවැනි ඉනිම ඕවර 25.5 කදී සියලූ දෙනා දැවී 84
(ප‍්‍රමෝද් පෙරේරා 49, දිලිප් තාරක 16/4, ලසිත් ලක්ෂාන් 40/4)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.