Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම ඉල්ලා අස්වෙයි

මහානාම ඉල්ලා අස්වෙයි

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම මහතා සිය පෞද්ගලික හේතුවක් මත එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවට මුත්තයියා මුරලිදරන් සහ කුමර් සංගක්කාර යන මහත්වරුද ඇතුළත්ව සිටිති. ඉකුත් වසරේ (2021) පෙබරවාරි මස 5 වැනි තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත්කරණු ලැබිණ.

ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ උපදෙස් ලබාදීම එම කමිටුවේ ප්‍රධාන කාර්යය විය. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්ව කටයුතු කිරීමේ වගකීමද එම කමිටුවට පැවැරිණ.

-036

 


අදහස් (0)

මහානාම ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.