අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ , කොටසේ තරගයක් වූ මහනාම විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය.
කාසියේ වාසිය දිනාගත් මලියදේව විද්‍යාලය මුලින්ම පන්දුවට පහරදීමට මහනාම විද්‍යාලයට ආරාධනා කළ අතර මහනාම විද්‍යාලය වෙනුවෙන් සුබුද්ධි කෞෂල්‍ය හා ගිහාන් සංජීව අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
මලියදේවය වෙනුවෙන් සරින්ද දසනායක නොදැවී ලකුණු 87ක් ලබා තම කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් අත්කර දීමේ උත්සාහයක නිරත වූ නමුත් වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට මලියදේව විද්‍යාලය කඩුලූ 7ක් දැවී ලකුණු 165ක් ලබා සිටියේය.
මහනාම විදුහල - ඕවර 72.3 කදී සියලූ දෙනා දැවී 267
(සුබුද්ධි කෞෂල්‍ය 78, ගිහාන් සංජීව 66, කලිදු ලක්ෂාන් 29, තනුල වික‍්‍රමසිංහ 17, සහන් පීරීස් 16, විමුක්ති පන්ඩිතරත්න 15, ප‍්‍රභාත් කැප්පෙටිපොළ 12/3, දමිත සිල්වා 38/3, චන්දිම බණ්ඩාර 44/2)
මලියදේව ඕවර - 49.4 කදී කඩුලූ 7ක් දැවී 165
(සරින්ද දසනායක නොදැවී 87, දමිත සිල්වා 19, ප‍්‍රභාෂ් කැප්පෙටිපොළ 19, සචින්ත පීරීස් 18, නයන ප‍්‍රභාත් 16/2, දිනුක කරුණානන්ද 40/2, දුලාංජන සෙනෙවිරත්න 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.